Wednesday, September 5, 2012

කදුළු ගඟ ..........


වැස්ස.........


බොරුකාරයා........


(අ)සත්‍ය ප්‍රේමය..........


සැකය කරන දේ ...........


සිනහව.................


Wednesday, August 22, 2012

Tuesday, August 21, 2012

මගේ මිතුරා නුඹයි ...

දුකට ........
සතුටට .........
දෙකටම මා ළඟ
නිබදවම රැදෙන....
නෙතු අගින් ගිලිහි ...
දෙකොපුල් දිගේ ගලා යන...
මියෙනතුරු මා ලඟම රැදෙන ...
කදුල .............
නුඹ මගේ හොඳම මිතුරයි ...
සදාකල් නුඹ මගෙමයි...

කිරිල්ලියක් සේ පියඹා යන්නට ආසයි...


කිරිල්ලියක් සේ පියඹා යන්නට ආසයි...
මුලු ලෝකෙම ලස්සන දකින්න ආසයි...
පියඹා ගොස් රස ඵල වැල නෙලන්න ආසයි...
රංචු ගැසි එක්වී ඉන්නට ආසයි..

පාට තටු සලා ඉහලට යන්නට ආසයි..
පුලුන් වලා මැදින් පියඹා යන්නට ආසයි...
දේදුන්නක් අතරින් පියාඹන්න මට ආසයි..
කූඩු නොකල කිරිල්ලියක් වෙන්නට ආසයි....

ඈත ක්ෂිතිජයට ගිහින් එන්න මං ආසයි...
කිචි බිචි ගා ගී ගයන්න මං ආසයි...
හරිම නිදහසේ පාවෙන්නට මට ආසයි..
පැයකට හෝ කිරිල්ලියක් වී බලන්න ආසයි..

ජීවිතය..........



මල් යායක් සේ සුවඳ හැමු....
කෙත් යායක් සේ වී කරල් බරවූ..
නදී තෙරක් සේ නිල් දිය පිරුණු ...
විල් තෙරක් සේ මල් පිරුණු..
අහස් ගැබක් සේ තරු පිරුණු ....
ගීතයක් සේ මියුරු තනුවෙන් සැදුනු..
මතකයි එලෙස සුන්දර ජිවිතයක් තිබුණු...
මල් යයේම මල් දැන් මිලින වෙලා..
කෙත් යායම අහෝ හිස් බිමක් වෙලා..
නදී තෙරේ දැන් ඉරි තැලිලා..
විල් තෙර මඩ වගුරක් විලා...
අහසම හිස් අහසක් විලා..
ගීතයේ පද අමතක විලා...
ජිවිතයම හිස් ගොඩක් වෙලා...
 

නැවතත් එනවානම්..මාගෙ පුංචි කාලේ...

දග වැඩ කරන්න....
සෙල්ලම් කරන්න...
දුව පැන නටන්න...
නැවතත් එනවානම්..මාගෙ පුංචි කාලේ...
මතකෙට නගන්න ආසයි...ඒ මාගේ බාල කාලේ.....
ප්‍රශ්න මොකුත් නෑ...
සිතේ බරක් නෑ...
දුකක් දැනුනේ නෑ..
සැමදා සතුටින්නේ....මා සිටියේ ඒ කාලේ..
විභාග නැත්නම්...
ටියුෂන් නැත්නම්..
පාඩම් නැත්නම්....
පතනෙමි වරයක්...ලැබෙනට නැවතත් ඒ කාලේ..
 

ඉන්න සතුටින්-සදාකල්හිම මා මළයි සිතලා.....


 නුඹේ මතකය-මගේ හද තුල
නොමැත ගොස් මැකිලා....
සිහිව සැමවිට-පාරවයි හද
කදුලු නෙත පිරිලා.....
හුදකලාවෙයි-නොදැනුවත්වම
දහස්දුර ඇදිලා....
සිතන විටදී-නුඹ ඇයගෙ බව
මුවම ගොලු විලා...

නුඹට පෙම් කල-බව සිතන විට
පැතුම් පොදි බැදල....
වරක තරහක්-දැනෙයි මා ගැන
අතීතය ගැන සිතලා..
හදාගන්නම්-මම මගේ සිත
නුඹෙ සතුට සිතලා...
ඉන්න සතුටින්-සදාකල්හිම
මා මළයි සිතලා...

නුඹට වැඩි කල්-මා සමග සිටි
මා පියන් ගැන සිතලා..
සිනාසෙන්නට-හැකිය මා හට
කදුලු විසි කරලා...
පොරොන්දුවක් වෙමි-ජිවිතය ගැන
ජය ගනිමි කියලා....
පසු තැවෙයි නුඹ-කල වරද ගැන
මතුදින මා දැකල...
 

එතෙක් සමුදෙන්නම් නුඹ ඉතිරි කල කදුලට

තත්පරෙන් තත්පරේ....
මිනිත්තුවෙන් මිනිත්තුව...
පැයෙන් පැය ගත වෙලා....
දිනෙන් දින ගෙවිලා...වසරකුත් ලං වෙලා...
නුඹ මගෙන් වෙන් වෙලා..ඇගේ ලග නැවතිලා...
ගතින් නම් නුඹ ගව් ගනන් දුර....
සිතින් නම් නුඹ මගේ හද තුල...
නුඹම වෙනුවෙන් හෙලු කදුලෙන්...
මහ සයුරු තෙර පරාජ විය මට....
නුඹම වෙනුවෙන් හෙලු සුසුමෙන්...
මහා ගිරිහෙල් පරාජ විය මට....
හඩන්නට දැන් නෙතේ කදුලු නැත...
සුසුම් ලන්නට හදේ ඉඩ නැත...
මංගල ඇරයුම් පත එවනවද මා හට...
මංගල මුදු නුඹ පලදින දවසට..
නැවත හැඩෙයි මට නොවැරදි එදිනට..
එතෙක් සමුදෙන්නම් නුඹ ඉතිරි කල කදුලට

හඩනා ඇය.....

ඉර හද ඉල්ලා නෑ මා ඇඩුවේ.........
සුවිසල් මන්දිර නෑ මා පැතුවේ......
රූප සොබා ගැන නෑ මා තැකුවේ.....
සතුට ලැබෙන්නයි සැමදා පැතුවේ......
නැත කිසි වරදක් දැන මා කෙරුවේ....
සෑම දෙනාගෙම සතුටයි පැතුවේ...
නමුත් සතුට ඇයි මා වෙත නාවේ...
දුක ඇයි නුඹ පමණක් අද ආවේ....

හිරු...සදු..තරු...

හිරු නැති අඩුව පුරවනු බෑ සදට..
සදු නැති අඩුව පුරවනු බෑ තරු වලට...

ගඟ හා මම

ගඟ හා මම මුණ ගැසුණි අද...
ඇදහිය නොහැක ..
සම වේය අප.....
මුහුණ දුන් විට...
පෙනුනි මගේම රුව ...
නිබදවම බාධක මැද..
ගමන් කරනා බව ..
පැවසිය ගඟ මාහට ..
එලෙස ගලනා ඔහු හා මා අතර ...
වෙනසක් නැති බව දැනුනි මා හට ...
උගතා ඔහුගෙන් ජීවිතය ගැන ...
සමුදුනිමි...
නැවත හමුවන පොරොන්දුව පිට...
 

අනේ එකත් හීනයක්ද?

පාට පාට රන් සමනල රෑනක් ...
රංචු ගැසී යන කුරුල්ලෝ රෑනක් ...
ආවා මා දිව යන පසු පසින්ම ...
ලස්සන මල් වත්තක් මැද්දෙන් ......
පායා ආවා දේදුන්නක් ...
නගින්න කිවා කව්ද හොරෙන්...
ලස්සන නිල්වන් සුරංගනාවක් ...
පෑවා මා වෙත සුමුදු අතක්.....
එල්ලී ඇයගේ සුලගිල්ලේ..
දිව්වා මා දේදුන්න දිගේ ..
පුළුන් වලාවන් මැදින් ගොසින් ..
ආවා ලස්සන පාරාදිසේට..
විණා වයමින්..
ගී පද කියමින්..
නටමින් හිටියා සුරංගනාවන් ...
ඔක්කොම සතුටින්.....
සැවොම එක වගෙයි..
විනෝද වන්නට එයාල සමගින්..
කතා කළා මට සැවොම එක හඩින්...
විනෝද වන්නට හැදුවා පමණයි ...
'දුවේ නැගිටින්න' කියනා හඩකින්..
අවදි උනා මං ඒ සිහිනෙන්..
 

Monday, August 20, 2012

වෙනස් වීම......

වෙනස් වෙන ලෝකයේ..
වෙනස් නොවන එකම දේ ...
වෙනස් වීම...
කිව්වේ කවුරු උනත්..
ඒ කතාව සහතික නම් ඇත්ත...
දැන් අපිත් එක්ක එකට
 කතා බහ කරලා ඉන්න අය
වෙනස් වෙන්නේ
ඇහි පිය ගහනවටත් වඩා වේගෙන් ..
ඉතින් කොහොමද 
මේ මිනිස්සුන්ව තේරුම් ගන්නේ...
එදා ඉදන් අද වෙනකන්ම අපිව තේරුම්.. 
අරන් අපිත් එක්කම ඉන්නේ
කොයි තරම් නම් සුළු පිරිසක්ද ...
අර වගේ මිනිස්සු ගැන හිතනවට වඩා ..
මෙන්න මේ ටික දෙනා ගැන හිතන එක
හැමදේටම වඩා හොදයි...
වාසියට අපිව හොයාගෙන ඈවිත්
උදව්ව කරගෙන යන අය
අපේ ජිවිත වලට වැඩක්ම නැහැ....

දුකේදීත් අපේ ළඟ ඉන්න අය ගැනයි අපි හිතන්න ඕනි ....
නැතිව දුක දෙන අය ගැන නෙවෙයි...

සඳක් නම්.......





සඳක් නම් පතන්න එපා...
මොකද
ඒ සඳ ..
හැමදාම එකම විදියට ඉන්නේ නැහැනේ...
පුන් පෝයදාට
මුළු අහසම එලිය කලත් ...
අමාවක දාකුත් තියනවෙනේ..
එදාට මුළු අහසම අඳුරුයිනේ...
තවත් එකක්...
මුළු අහසටම පායන්නේ
එක සඳක් උනාට ...
ඒ සදෙන් මුළු ලෝකෙම
සිසිල ලබනවනේ ......
ඒ සඳේ මිහිර හැමෝම විඳීනවනේ...
 

Thursday, August 16, 2012

මිතුදම...........

අම්මේ....තාත්තේ....

අම්මේ....
දස මාසයක් මා නුඹගේ කුසෙහි දරා..
අවසානයේ උපරිම වේදනා දරා...
මා මෙලොවට බිහි කළා අපමණ සෙනෙහෙ දරා...
ලේ කිරි උනා මා වෙනුවෙන් මව්නි දයා...
හඩනට ඇති මා අපමණ ඒ දිනයේ ...
තුරුලට ගෙන උණුසුම දෙන් ඇති එදිනේ...
මගේ හැඩුම,නුඹ හිනැහුණ එකම දිනේ ...
වෙන කෙදිනකවත් නැත මගෙ කදුලට හැඩුවේ....
දුන් කිරිවල ණය ගෙවන්න කෙදිනකවත් බැහැ මා හට..
ලෙඩ උණු විට නිදිමරමින් ලග උන හැටි නැත අමතක ....
කුසගින්නක් කෙදිනකවත් දැනෙන්න දුන් නෑ මා හට ..
දිවි ඇති තෙක් නුඹ රැකුමට පොරොන්දු වෙමි අම්මේ මම...

තාත්තේ....
පිය පදවිය උරුම උනේ මා ඉපදුනු දා...
ආදරයෙන් තුරුලට ගෙන සිප ගත්තාලු මා එදා..
නුඹේ ඇසේ සතුටු කදුළු ආවලුනේ එදා..
'රත්තරන් දෝණි' කියා ඇමතුවලුනේ එදා..
වෙහෙසෙන බව මුළු දවසෙම දනිමි හොදටම..
හවසට නුඹ ගෙදර එන්නේ දකිනට අපේ දග වැඩ ...
ඉස්සර වාගේම තවමත් කවයි බත් කට..
තාත්තේ නුඹේ ආදරේ මහා මෙරකි මා හට..
මගේ කදුළු දකිද්දී අනේ නුඹත් ඇඩුවනේ ...
නින්ද යනතෙක් නුඹ මගේ හිස අත ගෑවනේ..
ජිවිතේ ජයගන්නට නීති ඔවදන් දෙනවනේ ..
දිවි ඇති තෙක් තාත්තේ රැක ගනිමි පණ වගේ

දෙන්න වරමක්......

එකට ඉන්න අය අතරෙත්...
හොර බොරුව වංචාව..
කුහකකම තණ්හාව ඊර්සියාව...
පිරුණු මේ සමාජෙන්
චුත වෙලා යන්නම
දෙන්න එක වරමක් මට......

සසුන් ගත වූ තෙරණිය ......

නැත අරුතක් මා හට මේ ජිවිතයේ...
සොයා ගොසින් මුලා විය මා මේ සසරේ ...
සැප දුක දෙකම පසුපස එයි සෙවනැලි සේ ...
හෙම්බත් විය මා නම් මේ ලොව අතරේ ...

විදින සැපෙහි නැත කිසි අරුතක් පෙනෙන ..
මොනවා උනත් අවසන මරණය උරුම ...
මියැදෙන්නට ප්‍රථම තේරුම් ගතිමි සැමදේම...
කහ සිවුරක් පොරවා ගතිමි සොයනට නිවන..

ආශාවන් දමා පසකට ආ ගමන ...
සැනසුම කියා නිම කල නොහැකිය දැනෙන ..
සැහැල්ලුවෙන් සිත පිරිලා හැමදාම.....

නිවන තමයි මා හට ඇති සැනසීම....
 

හඩන සිත.......


තවමත් මේ හිත හඩන්නේ-රැය පුරාවට සුසුම් ලන්නේ
හේතුව නුඹ නොකී නිසයි -නුඹ හට මම කරපු වරදෙ
දැනනම් මා නැත කිසිදින -කලෙ කිසි වරදක් නුඹ හට
කරපු එකම වරද තමයි -මුළු හදින්ම පෙම් කල එක
එක සැරයක් පැවසුව මැන-නුඹට කරපු අඩුපාඩුව
මටත් වඩා ආදරයක් -දැනුනද ඇයගෙන් නුඹහට
හිත තුල තිබු ආදරයම -දැනුනෙ නැද්ද මගෙන් නුඹට
පව් කියලා හිතුනේ නැද්ද -රවටන විට මගෙ මේ හිත
දරාගන්න බැරිබව දුක-දන්නෙ නැද්ද පෙම් කල නුඹ
නැත මේ හිතෙ කිසි තරහක් -දුන්නු වේදනාවන් ගැන
ඇයගෙ උනත් නුඹ සදහට - ලැබගෙන ඇයගෙන් අවසර
එක වදනක් පැවසුව මැන-හදාගන්න මගෙ මේ හිත
ඉන්පසු යන්නම් සැඟවී -නොපෙනෙන්නට නුඹගේ රුව
හදාගත්ත දිනයක සිත -එන්නම් නැවතත් ලෝකෙට